අභයගේ කාල යාත්‍රාව: ශ්‍රී ලංකාවේ මානව ඉතිහාසයේ නොකී කතාව - 4 වන කොටස

 අභයගේ කාල යාත්‍රාව: ශ්‍රී ලංකාවේ මානව ඉතිහාසයේ නොකී කතාව - 4 වන කොටස

අරනායක නා-යක් සන්ධිස්ථානයෙන් සමුගත් අභය, කාල නදියේ ඊළඟ මහා දියවැළ ඔස්සේ ගමන් කළේ සිහිලැල් මීදුමෙන් බර වූ අහස උසට නැගෙන සමනල කඳුවැටිය දෙසටයි. ගිරි දිවයිනේ උසම කඳු මුදුන් අරක්ගෙන සිටියේ සොබාදහමේ අදෘශ්‍යමාන ශක්තීන්, සූර්යයාගේ සහ තාරකාවල ගමන මෙන්ම අහසේ වලාකුළු මගින් වැසි රටා නිවැරදිව පූර්ව නිගමනය කළ "දේව" ගෝත්‍රිකයන්ය. අභය දේව මණ්ඩලයේ නායක "සුමනදේව" හමුවිමේ බලාපොරොත්තුවෙන් සීමාවේ රැදී සිටියි.

මේ වන විට හෙළ දෙරණ තුළ ප්‍රධාන ප්‍රජාවන් හතරක මහා සුසංයෝගයක් ගොඩනැගෙමින් පැවතිණි. යකඩ තාක්ෂණයෙන් ආයුධ සහ මෙවලම් තැනූ යක්ෂයින්, සරුසාර මිටියාවත්වල කෙත් වතු වගා කළ රකුසන් (රක්නා), මහා සාගරය සහ ගංගා තරණය කරමින් ලෝකය සමඟ වෙළඳාම් කළ නාගයින්, සහ අහසේ වෙනස්කම් හඳුනමින් ගංගාවල ප්‍රභවයන් සුරැකි දේව පිරිස එකිනෙකාගේ දැනුම හුවමාරු කරගනිමින් සිටියහ.

කාල යාත්‍රාවේ නැවතී බලද්දී අභයට දැකගත හැකි වූයේ ශ්‍රී ලාංකීය මානව ඉතිහාසයේ අතිශය විප්ලවීය සංවර්ධනයයි. ඒ, "මහා ජල තාක්ෂණයේ" හෙවත් "වැව් සංස්කෘතියේ" මුල්ම බීජ රෝපණය වීමයි.

කඳුකරයෙන් ඇරඹී පහත් තලාවට ගලා බසින මහා ගංගා, වියළි කාලයට සිඳී යාම වළක්වා ගැනීමට මෙම මුතුන්මිත්තෝ අපූරු ක්‍රමයක් සොයා ගත්තෝය. දේව ගෝත්‍රිකයන්ගේ අහස් දැනුමෙන් වැසි එන කාලයත්, යක්ෂයින්ගේ දැඩි යකඩ මෙවලම්වලින් කළු ගල් කපා සෑදූ රළු අමුණුත්, රකුසන්ගේ කෘෂිකාර්මික අවශ්‍යතාවනුත් එකට එක් විය. ඔවුහු ගඟක් හරහා අතක් දමා ගගටත් හොරෙන් දිය බිදක් තම අවශ්‍යතා වෙනුවෙන් ලබා ගන්නා තාක්ෂණයට මුල පිරීය.  පළමු වරට පස් සහ ගල් යොදා ගනිමින් ජලය රැඳවුම් පද්ධති තැනූහ.

තද අව්වට පොළොව පැලෙන වියළි කලාපයේ තැනිතලා දෙසට අභය පියනගද්දී, යක්ෂ සහ රකුස් ජනතාව ඉතා ක්‍රමානුකූලව විශාල පස් බැමි බැඳ, ගංගා හරස් කොට ජලය රැස්කර තබන දර්ශනීය කෘත්‍රිම තටාක - එනම් පැරණිම වැව් තනන අයුරු දුටුවේය. එය ලෝක ඉතිහාසයේම ජල කළමනාකරණයේ අද්විතීය සන්ධිස්ථානයක් විය.


 

කාලයාගේ ඇවෑමෙන් ලියැවුණු ඇතැම් ඉතිහාස පොත්පත්වල මෙම ජනතාව "නොදියුණු යක්ෂයන්" හෝ "අමනුෂ්‍යයන්" ලෙස නිරූපණය කර තිබුණද, අභය තමන්ගේම දෑසින් දුටුවේ පරිසරය සමඟ පරම සහජීවනයෙන් ජීවත් වූ, උසස් තාක්ෂණික හා ජෛවීය දැනුමකින් සන්නද්ධ වූ, සාමකාමී හා බලසම්පන්න මහා ශිෂ්ටාචාරයකි.

අදින් වසර 2500කටත් වඩා ඈත අතීතයේ, පිටස්තර වෙළෙන්දන් සහ කුමාරවරුන් මෙම දිවයිනට පා තබන්නටත් පෙර, යක්ෂ, නාග, රකුස්, දේව යන ප්‍රධාන සිව්-හෙළ ගෝත්‍රයන්ගේ එකතුවෙන් ලෝකයම විස්මයට පත්කරන දැවැන්ත කෘෂිකාර්මික හා ලෝහමය අධිරාජ්‍යයක අඩිතාලම මෙලෙස ශක්තිමත්ව පැවැතිණි. ඒ සිව් මහා හෙළයන් අරක්ගත් " හෙළදිවයින" හෙවත් "සීහලදේශයයි".

Comments

Popular posts from this blog

Curio Lanka (කියුරියෝ ලංකා) – කුතුහලයෙන් ලෝකය දකින ප්‍රඥාවන්ත පරපුරක් උදෙසා!

ක්වොන්ටම් ලෝකයට පිවිසුමක්: පරමාණුවටත් වඩා කුඩා අදෘශ්‍යමාන විශ්වයේ අභිරහස්

ස්වභාවධර්මයේ සැඟවුණු ගණිතය: මොනවාද මේ 'ෆ්‍රැක්ටල්ස්' (Fractals)?