"පද අතරින් ගලන අරුත් නදී: හෙළ කවි කෙතේ නූතන අස්වැන්න"

 "පද අතරින් ගලන අරුත් නදී: හෙළ කවි කෙතේ නූතන අස්වැන්න -රුවන් බන්දුජීව කිවියා"

 


ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් සහ විද්‍යෝදය සහිත්‍ය සම්මානයෙන් පිදුම් ලත් රුවන් බන්දුජීව ගේ "මීළඟ මීවිත" කාව්‍ය සංග්‍රහයෙහි එන තෝරාගත් කවි කිහිපයක් අද අපි ඔබට ඉදිරිපත් කරමු.

මේ කාව්‍ය සංග්‍රහයේ උසස් ම නිර්මාණයක් ලෙස අපට අවිවාදිතව පිළිගත හැක්කේ "කුණ්ඩලකේසි" නම් වූ කාව්‍ය පංතියයි. එහි සරල බසක් භාවිත කරන අතරම, කවියට ආවෙණික ඡන්දස දෙකක් පෙළින් පෙළ මාරු වෙමින් රැක ගනිමින්, ඒ හරහා රිද්මයක් පවත්වා ගනිමින් නිර්මාණය වූවකි. 


"සූදු කෙළිනවා සත්තුක - මඩමේ ලගිනවා සත්තුක
මොනව කළත් මේ වෙනකම් ඉවසපු දේවි
'එපා තාත්තේ' කිය කිය - දූ හීනෙන් හඬන හඬින්
තිගැස්සිලා නිදි පැදුරෙන් විසිවුණු දේවි
සත්තුක නිදි ඇඳ වටේට- තුන් වටයක් පැදකුණු කර
මන්න පාර හතක් දීපු කුණ්ඩලකේසී"

මේ කාව්‍ය සංග්‍රහයේම එන තවත් විශිෂ්ඨ නිර්මාණයක් ලෙස " ඉර මෙවර තවත් වැවක් හිස්කර" කාව්‍යය හැදින් විය හැකිය.  රුවන් බන්දුජීව කවියා වර්තමානයේ අප මුහුණ දෙන එල්නිනෝ සංසිද්ධිය කලින් දුටුවාක් මෙන් අපට හැගෙයි. ඒ හරහා ඔහු අපට මහා ජීවන පාඩමක් කියා දෙයි. අපේ ජීවිතේ නීල රැළිති නගන කල අප හා සිටි අය එම රැළිති සිදී ගිය කළ අප හා සිටින්නේ කීයෙන් කී දෙනාද? වැවේ දිය බුං ගසමින් පිහිනමින් වැව හා කෙළි දෙලෙන් සිටි අයගෙන් කවුරුන්ද වැව සිදී ගිය කළ වැව බලන්නට එන්නේ???

 

 "රම්‍ය ජලකර පුෂ්ප ගලවා -මත්ස්‍ය දියකා පිරිස පළවා                           ඉර මෙවර තව වැවක් හිස්කර - පාර අයිනක තිබුනි රදවා

අදුරු රොන්මඩ ගැලුනු කොපුලක                                                    ග‌ඩොල් කැපුමෙන් සැදුන කැළලකි                                                    ගිලී මළ ප්‍රේමයක සළකුණ - දිරාපත්වන මිනී ඔලුවකි

නිල පැළදි රළ තරග අතගා   - දිය කෙළින ලද අයෙකු ලග නැති          කෘමි නැසූ විස රැදුන බෝතල් - ඇනී වණවී රිදුන පපුවකි.

රම්‍ය ජලකර පුෂ්ප ගලවා - මත්ස්‍ය දියකා පිරිස පළවා                          ඉර මෙවර තව වැවක් හිස්කර - පාර අයිනක තිබුනි රදවා

වැහි වළාකුළු එන්න කලියෙන්

වැවෙහි පිරිපත අසනු රිසියෙන්

වැව වෙතට යන අයෙකු වේදැයි

බලයි ඉර ඇස් හරව හරවා"

 


          

 

Comments

Popular posts from this blog

Curio Lanka (කියුරියෝ ලංකා) – කුතුහලයෙන් ලෝකය දකින ප්‍රඥාවන්ත පරපුරක් උදෙසා!

ක්වොන්ටම් ලෝකයට පිවිසුමක්: පරමාණුවටත් වඩා කුඩා අදෘශ්‍යමාන විශ්වයේ අභිරහස්

ස්වභාවධර්මයේ සැඟවුණු ගණිතය: මොනවාද මේ 'ෆ්‍රැක්ටල්ස්' (Fractals)?